Monday, January 4, 2010

මේ ගසේ බොහෝ...

ඉස්ඉස්සෙල්ලාම ලැබුවාවූ 2010 නව වසර කිරියෙන් පැණියෙන් (දෙජාතියේම පැණි හොඳේ! හික්ස්!) පිරුණු සෞභාග්‍යමත් වසරක් වේවායැයි පතනවා! :D

මට අනාදිමත් කාලෙක ඉඳල සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ලොකු ආසාවක් තිබුන, ඒත් කරුමෙට වගෙ මට විජේසේකර යතුරු පුවරුව අල්ලගන්න පොඩ්ඩක් අමාරු වෙලා තමයි හිටියෙ... මගේ හොඳ මිත්‍ර චතුර සහොදරයා ඕකට හොඳ විසඳුමකුත් දුන්න, ඒත් ඉතින් මම කම්මලියානෙ! වැඩේ වුනේ නෑ කොහොම හරි... හික්ස්! ;)

කොහොම කොහොම හරි ඉතින් මට දැනගන්න ලැබුනා මේ qsFOX කියන ගිණිනරියා extension එක ගැන... මමත් ඕක දාන්නෙ නතුව අදි මදි කරා නරියා තවත් ස්ලෝ වෙයි කියල බයට. එත් මේක දැම්මට පස්සෙ කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ! මේකෙ නිර්මාතෲවරු දෙදෙනාට මාගෙ ප්‍රණාමය!

හ්ම්ම්ම් තව මොනාද කියන්න තියෙන්නෙ? මම ඊයෙ පෙරුම් පුරල පෙරුම් පුරල අන්තිමේට ස්ටැන්ලි ක්‍යූබ්‍රික් සහ ආතර් සී. ක්ලාක් ගෙ 2001: A Space Odyssey චිත්‍රපටය බැලුවා! 21වන සතවර්ෂයේ ජීවත් වුනත් 1968 නිමවුන මේ සිනමා කෘතියේ එන විශේෂ ප්‍රයෝග දැක්කහම පුදුම හිතෙනව! ඒව එච්චරට අනර්ඝයි!



හරි, මගේ පළමු සිංහල සටහන අහවර කරන්නයි දැන් යන්නෙ. ව්‍යාකරණ දෝශ එහෙම තියෙනවනම්  සමාවෙන්නැයි ඉල්ලා ඉන්නවා! ඒව මගේ හොඳ සාමන්‍ය පෙළ මිස්ටවත් හදන්න බැරි වුනානෙ! :(

No comments:

Post a Comment